යම් පුද්ගලයෙක් විසින් එදිනෙදා ජීවිතයේදී තමන් මුහුණ දෙන විවිධ අත්දැකීම් වගේම වෙනත් සුවිශේෂී සිදුවීම්, අවස්ථා, කාලීනව වැදගත් තොරතුරු, මතවාද, අධ්‍යාපනික කරුණු වගේ දේවල් තවත් අය සමඟ හුවමාරු කර ගැනීමේ අදහසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයක් ලෙස මේ බ්ලොග් අඩවි (Blog sites) හදුන්වලා දෙන්න පුලුවන්. මේ විදියට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනෙක් බ්ලොග්කරුවා (Blogger) ලෙසත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම බ්ලොග්කරණය (Blogging) ලෙසත් හදුන්වනවා. කර්තෘවරයාගේ රුචිකත්වය අනුව එම බ්ලොග් අඩවිවල අන්තර්ගතය වෙනස් වීම සුවිශේෂි තත්වයක්. බ්ලොග්කරණය ගැන ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරන්න පුලුවන් ඔය තොරතුරු එක්ක.
ලෝකය පුරාම මේ වෙද්දී බ්ලොග් ලිවීම වෙනම කලාවක්. ආගමික, ආර්ථික, විනෝදාත්මක වගේ විවිධ විෂය පථයන් වෙනුවෙනුත්, දේශපාලන, ශාස්ත්‍රීය, සමාජීය ඇතුළු තවත් බොහෝමයක් අරමුණු වෙනුවෙනුත් බ්ලොග්කරණය දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියෙන දෙයක්. ඔය තත්වය ඇතුළේ දී සිංහල යුනිකෝඩ් භාවිතයෙන් බ්ලොග් ලිවීම ගැන කතා කළොත් ඒකත් ඉතාම වැදගත් කාරණයක් වෙනවා. මොකද කීවොත්, අන්තර්ජාලය හරහා තොරතුරු ගවේශණයේ යෙදෙන බහුතර පිරිසක් සිංහල බ්ලොග් අඩවි පරිශීලනය කිරීම සාමාන්‍යයෙන් සිදුකරන දෙයක් බවට පත්වෙලා තියෙන නිසා. එතකොට සිංහලෙන් බ්ලොග්කරණය මේ වෙද්දී හොද තොරතුරු මූලාශ්‍රයක් බවට පත්වෙලා තියෙන දෙයක් බව නම් පැහැදිලියි.
ඒ විදියට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි අතරට
අලුතින්ම එකතු වෙන්නේ මගේ මේ “රස පුවත්” (https://rasapuwath.blogspot.com) බ්ලොග් අඩවිය. 2022 දී අලුත් අවුරුද්දට අලුත් වැඩක් විදියට ආරම්භ කරන්න හිතාගෙන හිටියත් පරණ අවුරුද්දෙදී ම පළවෙනි ලිපියෙන් මේ විදිහට පොඩි හැදින්වීමක් කරන්න ආසා හිතුණා. කොහොම වෙතත් මම අහන, දකින,
දැනගන්න අලුත් තොරතුරු වගේම සාමාන්‍යයෙන් කෙනෙකුගේ අවධානයට ලක් නොවෙන විවිධ
පැතිකඩයන් ගැන කියවන ඔයාලගේ අවධානය යොමු කරවන්නත්, ප්‍රමාණවත් තරමේ දැනුමක්
ලබා දෙන්නත් මේ හරහා බලාපොරොත්තු වෙනවා.
ඉතින් ආරාධනා කරනවා අලුත් දෙයක් දැනගන්න කැමති හැමෝටම එකතු වෙන්න කියලා මාත්
එක්ක.
👍
ReplyDeleteස්තුතියි.
DeleteFtta
ReplyDeleteස්තුතියි.
Delete